ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අබුඩාබිහිදි සෙනසුරාදා (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කිරීමෙන්
පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල පළමුපන්දුවාරයේදීම දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා.
දෙවන පන්දුවාරයේදීම ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර හොසේන් එමොන් දවා ගනිද්දී, කමිල් මිෂාරගේ සුපිරි පන්දුරැකීම හමුවේ තවත් එක් කඩුල්ලක් බිඳ වැටුනේ බංග්ලාදේශය අසරණ කරමින්.
අනතුරුව ක්‍රියාත්මක වූ වනිඳු හසරංග ලිටන් දාස් සහ මෙහෙදි හසන්ගේ කඩුලු දවාගනිමින් බංග්ලදේශය ඉතා අසීරු අඩියකට ඇද දැමුවත් බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 5 ලකුණු 53ක් තුළ බිඳ වැටුණද ජේකර් අලි සහ සමීම් හොසේන් බංග්ලාදේශ ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කර යම් ගෞරවාන්විත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලබා ජයග්‍රහණය පහසුවෙන්ම ශ්‍රී ලංකාව සතු කර ගනු ලැබුවා.
නොදැවී ලකුණු 46ක් රැස් කළ කමිල් මිෂාර තරඟයේ වීරයා වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්ව සිටින පැතුම් නිස්සංක විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් අගනා ලකුණු 50ක් ලබාගැනීමට සමත් වුනා. ඒ සමගින්ම ඔහු තවත් වාර්තා රැසක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමටද සමත් වීම විශේෂත්වයක්.
T20I ලකුණු 2000 සීමාව අඩුම ඉනිම් සංඛ්‍යාවකින් පසුකල පිතිකරුවා
*)68 ඉනිම් - පැතුම් නිශ්ශංක
*)76 ඉනිම් - කුසල් ජනිත් පෙරේරා
*)80 ඉනිම් - කුසල් මෙන්ඩිස්
T20I ක්‍රිකට් පිටියේ අර්ධ ශතක 16ක් ලබාගත් දෙවන ලාංකීය පිතිකරුවා
*)16 - පැතුම් නිශ්ශංක
*)16 - කුසල් මෙන්ඩිස්
*)15 - කුසල් පෙරේරා
T20 ආසියානු කුසලාන ඉතිහාසය තුළ අර්ධ ශතක 3ක් වාර්ත කරගත් තෙවන පිතිකරුවා
*)04 - විරාත් කෝලි
*)03 - පැතුම් නිශ්ශංක
*)03 - මොහොමඩ් රිස්වාන්
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු හඹාගිය තරඟවල වැඩිම T20I අර්ධ ශතක ලබා ගත් පිතිකරුවා
*)09 - පැතුම් නිශ්ශංක
*)07 - තිලකරත්න ඩිල්ෂාන්
*)07 - කුසල් මෙන්ඩිස්
මව්බිමෙන් පිටත පැවති T20I තරඟ වල අර්ධ ශතක 12ක් වාර්ත කරගත් පළමු පිතිකරුවා
*)12 - පැතුම් නිශ්ශංක
*)11 - කුසල් මෙන්ඩිස්
*)07 - මහේල ජයවර්ධන
Lanka Newsweek © 2025